ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පසුගිය ජුලි 10 වන දා සිට මෙම උසස්වීම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මෙලෙස උසස්වීම් ලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනා අතරට, රාජ්‍ය බුද්ධි සේවය, කොළඹ මධ්‍යම කොට්ඨාශය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ද ඇතුළත්.
