Gossips

ප්‍රධාන පෙලේ හෝටලයක සිදුවු සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක විවාහ මංගල්‍යයක් පැවැත්වෙන අවස්ථාවකදී එහි පැමිණ සිටි පුද්ගලයෙකුට අයත් ලැප්ටොප් පරිගණකයක් සහ දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් අදාළ දේපළ සොරකම් කර තිබුනේ පසුගිය ඔක්තෝම්බර් මස 6 වනදායි.
ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවු දුරකථන සහ පරිගණක සොරකම්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දීයි හෝටලයේ සිදුවු සොරකම පිළිබඳ අනාවරණ වී ඇත්තේ.
හෝටලයේ මේසයක් මත තිබියදී දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය සොරකම් කරන ආකාරය එහි සවිකර තිබු කැමරාවල ද පටිගත වී තිබෙනවා.