Gossips

ප්‍රධාන පක්ෂ සිය අවසන් රැළිවලට සූදානමින්

පළාත් පාලන මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වනවා.
ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මැතිවරණයට අදාළව අවසන් රැළි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර අවසන් බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ජනරැළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන්නේ පොළොන්නරුව – කඳුරුවෙල ප්‍රදේශයේයි.
එක්සත් ජාතික පක්ෂයේ අවසන් රැළිය අද පස්වරුවේ එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුනේ අවසන් රැලිය අද පස්වරුවේ පැවැත්වෙන්නේ හෝමාගම නගරයේදීයි.
ජනතා විමුක්ති පෙරමුණේ අවසන් රැළිය එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම නගරයේදී පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව, උතුර සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් කුඩා රැස්වීම් කිහිපයක් දෙමළ ජාතික සන්ධානය අද පස්වරුවේ සංවිධාන කර තිබෙනවා.