Gossips

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා යථා තත්ත්වයට

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ හට ගත් දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම සංඥා දෝෂය හට ගත්තේ ගනේමුල්ල සහ රාගම දුම්රිය ස්ථාන අතරයි.
මේ හේතුවෙන් මහව සහ පොල්ගහවෙල දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය 4ක් ගනේමුල්ල ප්‍රදේශයේදී නතර කිරීමට සිදුවීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.
ගනේමුල්ල සහ රාගම අතර දුම්රිය මාර්ගය ආසන්නයේ කැණීමක් හේතුවෙන් මෙලෙස සංඥා පද්ධතිය බිද වැටී ඇති බවටයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සංඥා ඉංජිනේරු ධම්මික ජයසුන්දර කියා සිටියේ.
මේ අතර, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ යාන්ත්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් ද දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා.
පසුව එය යථා තත්ත්වයට පත් කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.