Gossips

ප්‍රධාන ගංගා බොහොමයක් පිටාර මට්ටමට

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ගංගා සියල්ලම පිටාර මට්ටමකට පැමිණ තිබෙනවා.
ඒ අනුව කැළණි ගඟේ, හංවැල්ල සහ කිතුල්ගල ජල මාපක අවදානම් මට්ටමේ පවතින අතර කළු ගඟේ මිල්ලකන්ද ජල මාපකයේ ද පවතින්නේ අවධානම් මට්ටමේයි.
කැලණි ගගේ ඉහළ ජල පෝෂකවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
අද දහවල් වනවිට කැලණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ – පූගොඩ ප්‍රධාන මාර්ගය, කැලණිය – ගෝනවල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබුණා.
කැලණි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන සීතාවක ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවිස්සාවේල්ල – තල්දූව ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.
දෙහිඕවිට – පිටදෙනිය ප්‍රදේශය ද මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි හිරු වාර්තාකරුවන් සදහන් කළා.
ඒ හේතුවෙන් කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
මේ වනවිට හංවැල්ල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය පූගොඩ ප්‍ර දේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, අප වාර්තාකරුවන් සදහන් කළේ ප්‍රදේශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි.
මේ අතර නිල්වලා ගඟේ පිටබැද්දර සහ අකුරැස්ස ජල මාපක ද අවධානම් මට්ටමකට ළඟා වී තිබෙනවා.
ගිං ගඟේ ජග මට්ටම ද තවලම සහ බද්දේගම ජල මාපකවල සටහන් වී ඇත්තේ අවධානම් මට්ටමක් ලෙසයි.
අධික වැසි තත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන්දොරටු 3 ක් මේ වන විට විවෘත කර තිබෙනවා.