Gossips

ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලි සැපයුම යළි යථා තත්ත්වයට

බෙදා හැරීමේ විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට බිඳ වැටුණු විදුලිබල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ වර්ෂාවත් සමඟ ඊයේ ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් මතට ගස් කඩා වැටී ඇති බවයි.
මේ හේතුවෙන් කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය, පාදුක්ක, හොරණ, අවිස්සාවේල්ල සහ මීපේ යන ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වීම් සිදුවුණා.
කෙසේ වෙතත්, පන්නිපිටිය විදුලි ට්‍රාන්ස්ෆෝමරයෙන් විදුලිය සපයන ප්‍රදේශ කිහිපයකට පමණක් මේ වනවිටත් විදුලිය විසන්ධි වී ඇති අතර, එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ.