Gossips

ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් බාධා (ඡායාරූප)

වර්ෂාවත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ කෑගල්ල – බුලත්කොහුපිටිය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (15) අලුයම සිට යළි මාර්ගයේ රථ වාහන ගමනාගමනය ආරම්භ කළ බවයි.
එමෙන්ම මහනුවර – අනිවත්ත බිම්ගෙය අසළින් දිවෙන මාර්ගයට ගල් පෙරළීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.
වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ ඊයේ (14) විවෘත කෙරුණු වාන් දොරටු 03 මේ වන විට වසා දමා තිබෙනවා.
මේ අතර, අකුණු සැර වැදීමක් හේතුවෙන් මුලතිව් – ජීවපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු ඊයේ (14) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම අකුණුසැර වැදීමක් හේතුවෙන් මාවනැල්ල නගරයේ පිහිටා තිබූ බැංකුවක ඊයේ (14) පස්වරුවේ ගින්නක් ද හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ මාවනැල්ල නගරයේ පහත්බිම් කිහිපයක් ද ජලයෙන් යට වූ බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (15) දිනයේත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
අකුණු සැර වැදීමෙන් මියගිය මුලතිව් – ජීවපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් සිසුවා.

ඡායාරූප – වව්නියාව, දිනසේන රතුගමගේ