Gossips

ප්‍රදේශ රැසකට තවමත් විදුලිය කැපේ – සති කිහිපයක් කෘත්‍රිම වැසි

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක වීම මත වියළි කාලගුණය පහව යනතුරු ඉදිරි සති කිහිපයේදී ද කෘත්‍රිම වැසි ඇති කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීමේ කටයුතු පළමු වරට සිදුකරනු ලැබුවා.
ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි -12 ගුවන් යානයක් මගින් අඩි 8000 ක් ඉහලින් වූ වලාකුළු මත රසායනික ද්‍රව්‍යයක් මුදා හරිමින්. එහිදී විනාඩි 45 ක පමණ කෘත්‍රිම වැස්සක් ඇතිකර තිබුණා.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් විදුලි කප්පාදු කිරීම් සිදුවන බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
පෙර දැනුම්දීමකින් තොරව මෙම විදුලි කප්පාදු කිරීම් සිදුකරන බවයි ජනතාව සඳහන් කළේ.
කෙසේ වෙතත්, පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි සක්‍රිය කරමින් විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ විදුලිය කප්පාදු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.