Gossips

ප්‍රදේශ රැසකට අද තද වැසි සමඟ සුළං

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකියි.
එමෙන්ම ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 දක්වා තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න සඳහන් කළේ.