Gossips

ප්‍රදේශ රැසකට අදත් වැසි

අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබනෙවා.
මේ හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ එහි වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තා.
ඒ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් 4ක්ම අඩිය බැගින් විවෘත කර ඇති බවයි ජලාශය භාර නියෝජ්‍ය ඉංජිනේරු කසුන් සිල්වා සඳහන් කළේ.
මේ නිසා පරාක්‍රම සමුද්‍රය පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින ලෙස ඉල්ලීමක් කෙරුණා.