Gossips

ප්‍රදේශ දෙකක රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට

මුල්ලේරියාව – වල්පොල හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, මාවනැල්ල – පාට්ටගම ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක සවි කර තිබූ කොළ මඩින යන්ත්‍රයක් පෙරලීමෙන්, මාර්ගයේ ගමන් කළ 85 හැවිරිදි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.