Gossips

ප්‍රදේශ දෙකකදී හෙරොයින් සමඟ 10 දෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ දී සහ ඉංගිරියේදී හෙරොයින් මත්කුඩු සමඟ දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ ප්‍රදේ්ශයේදී ගිනි අවියක් සමඟ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදියි.
මෙහිදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 3ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඉංගිරිය – ඌරගල ප්‍රදේශයේදී ද මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 750ක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.