දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාතලේ – තවලම්කෝය ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ඇගේ ගැටී ඊයේ සිදුවූ අනතුරෙන් 85 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බදුල්ල – මහියංගනය මාර්ගයේ කුරුවිතැන්න ප්රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ අවුරුදු 10ක කුඩා දරුවෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුරුණෑගල ප්රදේශයේදී ද, මාර්ගය ගමන් කරමින් සිටි 16 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණේ ලොරි රථයක ගැටීමෙන්.
එමෙන්ම කොළඹ – මඩකලපුව ප්රධාන මාර්ගයේ කල්මුණේ ප්රදේශයේදී කාන්තාවක් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මඩකලපුව දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූණා.