කැලණිතිස්ස විදුලි බලාගාරයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් උපපොලක ඇති වූ සුළු ගින්නක් හේතුවෙන් එහි පරිපථයට බාධා එල්ල වූ බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ හේතුවෙන් කොළඹ නගර සීමාව, කොස්ගම, අතුරුගිරිය, ඇඹිලිපිටිය, බියගම, කිරිබත්කුඹුර ආදී ප්‍රදේශවලට විටින් විට විදුලි සැපයුමට බාධා එල්ල වී තිබුණා.
ගිනි ගැනීමට ලක්වූ විදුලි උපපොළ අලූත්වැඩියා කිරීමේ කටයුතු ක්‍රියාත්මක වන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
