Gossips

ප්‍රදේශ කිහිපයක පැය 15 කට ජල සැපයුම අත්හිටුවයි

වාද්දුව, කළුතර, බේරුවල, අලූත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය අත්හිටුවීම නිසා මෙලෙස පෙරවරු 8 යි 30 සිට රාත්‍රී 11 යි 30 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඒ අනුව වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර, උතුර, දකුණ, නාගොඩ සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවනවා.
එමෙන්ම පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.