Gossips

ප්‍රදේශ කිහිපයක නිවාස බිඳ දේපළ සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

තලංගම, අතුරුගිරිය, වැල්ලම්පිටිය, බියගම ආදී ප්‍රදේශ කිහිපයක නිවාස සහ වෙළඳසැල් බිඳ දේපළ සහ යතුරුපැදි සොරකම්වල නිරතවූ තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් කෝට්ටේ, පිටකෝට්ටේ සහ හෝකන්දර යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 18, 19 සහ 24 යන වයස්වල පසුවන තරුණයන්.