Gossips

ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ වැසි

නැගෙනහිර ඌව, උතුරුමැද පළාත්වල මෙන්ම ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (24) පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ත් 75 ත් අතර තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තරමක් තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.