Gossips

ප්‍රදේශ කිහිපයක් උණුසුම් කළ අතුරු තහනම් නියෝගය

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග ප්‍රදේශ කිහිපයක ගැටුම්කාරී සිද්ධීන් වාර්තා වුණා.
මැවනැල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභාපති අනුර චන්දන මහතා ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ අධිකරණ නියෝගය නිකුත් වීමෙන් අනතුරුව මාවනැල්ල නගරයට පැමිණ රතිඤ්ඤා දල්වමින් සතුට සමරා තිබෙනවා.
පසුව පිරිසක් නගරයේ පිහිටි පළතුරු වෙළෙඳසැල් 5 කට අලාභහානි සිදුකර ඇති අතර, එහි සේවකයින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ කඩු සහ මුගුරු රැගෙන පැමිණි පිරිසක් ඔවුන්ට පහරදුන් බවටයි.
ආණමඩුව නගරයේද දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ආණමඩුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පුවරු කිහිපයකට කිසියම් පිරිසක් හානිකර තිබුණා.