හෙට දිනයේ උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම පොළොන්නරුව, අනුරාධපුර, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක උෂ්ණත්වය වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටම දක්වා වැඩිවිය හැකියි.
මේ හේතුවෙන් වැඩ බිම් තුල සිටින පුද්ගලයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසට දැනුම් දෙනවා.
නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
එමෙන්ම වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොතැබිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳිය යුතුයි.
එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද ජනතාවට උපදෙස් දී තිබෙනවා.