Gossips

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා තරමක් තද සුළං ද ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තරමක් තද සුළං ද ඇතිවිය හැකියි.
මේ අතර කන්සන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 ත් 60 ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා.
එබැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.
මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.