Gossips

ප්‍රදේශ කිහිපයකට තද වැසි – මුහුදත් රළු වෙයි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මෙම වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
උතුරු පළාතත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් හැර සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
මේ අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ගිගරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි බවටයි ඔවුන් සඳහන් කළේ.
මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.