Gossips

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ වැසි

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.