Gossips

ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක්

බියගම නිදහස් වෙළඳ කලාපයට ජලය බෙදා හරින නළ මාර්ගයේ අත්වැඩියාවක් හේතුවෙන් බියගම – උතුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද (31) පෙරවරු 9 සිට රාත්‍රි 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
සියඹලාපේවත්ත, අලුබෝවිල, දෙල්ගොඩ, අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල, වල්ගම, යබරලුව, මල්වාන, දොම්පේ, නාමළුව, දෙකටන, නාරම්පල, ගල්වලගොඩ, යන ග්‍රාම නිලධාරී වසම්වලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ.