අද දිනය තුලදීත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ අනෙකුත් පළාත්වල සවස දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.