Gossips

ප්‍රදේශ කිහිපකට පස්වරුවේ වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපක අද (28) පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවට දැනුම් දෙනවා.