යාපනය කන්කසන්තුරය ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මාර්ගය හරහා ගමන් කළ සුනඛයෙකු බේරාගැනීම සදහා වෑන් රථයේ රියදුරු සිය රථය එකවර මාර්ගයෙන් ඉවතට හැරවීමත් සමඟයි මේ අනතුර සිදුව ඇත්තේ.
ඊයේ (24) සවස මෙලෙස අනතුර ලක්ව ඇත්තේ කරෙයිනගර් ප්රදේශීය ලේකම් කාර්යාලයට අයත් වෑන් රථයක්.
අනතුරට ලක්වන අවස්ථාවේ වෑන් රථයේ කරෙයිනගර් ප්රදේශීය ලේකම්වරයා ගමන් කරමින් සිට ඇති අතර ඔහු සහ රියදුරු බේරාගැනීමට ප්රදේශවාසින් කටයුතු කල බවයි අප වාර්තාකරු පැවසුවේ.