හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (12) දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව පළාතේ සහ කළුතර, රත්නපුර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
