Gossips

ප්‍රථම Waterdrop Screen සහිත OPPO 9 ජංගම දුරකථනය ළඟදීම වෙළදපොළට

Water drop Screen සහිත ප්‍රථම දුරකථනය ලෙස OPPO 9 ළඟදීම වෙළඳපොළට හඳුන්වාදීමට OPPO ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත නව OPPO 9 දුරකථනයේ ඉදිරිපස රිසීවර්,කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි ලෙස ස්ථානගත කර ඇති අතර එය තිරය උපරිමයෙන් භාවිතා කරන අතරම දුරකථනයට අලංකාරයක් ලබාදෙන සුවිශේෂී නිමාවකින් යුක්තය.
එමෙන්ම 90.8% Ratio සහිත, 19.5:9 Waterdrop තිරයේ කැමරාව සහ ෆ්ලෑෂ් ලයිට් කොටස් ජල බින්දු දෙකක් එකිනෙක යා වෙන ආකාරයට ඉතාමත් අලංකාර ලෙස නිමවා ඇත.
සිහින් නිමාව සමග ශබ්දය නිසිලෙස ගලනය වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් භාවිතා කිරීමටද OPPO කටයුතු කර තිබේ.
තිරයටම ඇතුළු කොට නිමවා ඇති කැමරාව පිටතට නොපෙනෙන පරිදි කළු වර්ණයෙන් ආවරණයකර ඇති අතර එමගින් දුරකථනයේ ඉදිරිපස වඩාත් පැහැදිලි හා අලංකාර ලෙස දිස් වේ.
Flip-LED technology, Receiver TOP Steering Sound Conduction, Light Sensation Horn-shaped Light Conduction සහ Gap Approaching Design ඇතුළුව පේන්ට් බලපත්‍ර හිමි නව නිපැයුම් 46 කට අදාළ තාක්ෂණයන් ඇතුළත් OPPO 9 කාටත් සුවිශේෂී අත්දැකීම් පෙළක් තිළිණ කරනු නොඅනුමාන ය.