Gossips

ප්‍රථම නිහඬ ගුවන් යානය සාර්ථකව අත්හදා බලයි

වසර සියයකට පමණ පෙර රයිට් සහෝදරයන් ලොව ප්‍රථම ගුවන් යානය නිපද වූ දා පටන් මෙතෙක් නිපදවා ඇති සෑම ගුවන් යානයක්ම ක්‍රියාත්මක වන්නේ ඉන්ධන දහනයෙන් හෝ බැටරි බලයෙන් චලනය වන යන්ත්‍ර ආධාරයෙන්.
ප්‍රොපෙලර්, ටර්බයින් තල හෝ පංකා එලෙස චලනය වීමේදී විශාල ශබ්දයක් පැන නැගීම අනිවාර්යෙන් සිදුවන්නක්.
එහෙත් ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් එලෙස චලනය වන කොටස් නොමැති නිහඬ ගුවන් යානයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
ස්ටාර් ටෙ‍්‍රක් චිත්‍රපටයේ දක්නට ලැබුණු ආකාරයේ එම ගුවන් යානය ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් ගතික ශක්තිය මගින් ඇති කරන අයනික සුළං ප්‍රවාහයකින්. එම්.අයි.ටී. ආයතනයේ විද්‍යාඥයන් අත්හදා බැලූ නිහඬ ගුවන් යානය මීටර් 5ක අත්තටුවලින් සමන්විත වන අතර, මීටර් 60ක දුරක් සාර්ථකව දස වතාවක් ගමන් කර අත්හදා බලා තිබෙනවා.