Gossips

ප්‍රතිසංස්කරණ පමා වී ඇති බව ලෝක බැංකුව කියයි

රට තුල පවතින අභියෝගාත්මක දේශපාලන තත්ත්වය හේතුවෙන් ආණ්ඩුව කල යුතු අතවශ්‍ය ප්‍රතිසංස්කරණ පමාවී ඇති බව ලෝක බැංකුව පවසනවා.
මෙරට ආර්ථිකය පිලිබද ලෝක බැංකුව නිකුත් කල ශ්‍රී ලංකා සංවර්ධන ඇගයිම් ප්‍රකාශනයේ මේ පිලිබඳව සඳහන් වන අතර ඊට අදාළ වාර්තාව අද එලි දැක්වුණා.
නව දේශීය ආදායම් පනත සහ සක්‍රීය බැරකම් කළමනාකරණ පනත මෙන්ම ඛනිජ තෙල් සදහා මිල සුත්‍රයක් හඳුන්වාදීම ආදී කරුණු ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, විගණන පනත සම්මත කිරිම, ඒකාබද්ධ ණය කළමනාකරන කාර්යාලය ස්ථාපිත කිරිම සහ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරිම ආදිය ප්‍රතිසංස්කරණය පමාවී ඇති බවටයි ලෝක බැංකුව නිකුත් කල වාර්තාවේ සඳහන් වන්නේ.