Gossips

ප්‍රතිසංස්කරණ කෙරුණු පදවිය- කොළොන්ගොල්ල වැව ජනපති අතින් ජනතා අයිතියට

ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක කළ ‘‘සිරිසර පිවිසුම’’ වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු පදවිය – ශ්‍රී පුර – කොලොන්ගොල්ල වැව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය ජනාධිපතිවරයා විසින් නිරාවණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ඉන් අනතුරුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිත් පැන් වැව් ජලය වෙත මුදා හැරි අතර, මත්ස්‍ය පැටවුන් වැවට මුදා හැරීම ද සිදුකෙරුණා.
එමෙන්ම, උතුර, දකුණ යා කෙරෙන ජාතීන් අතර සංහිදියා යාන්ත්‍රණයකට ජීවය ලබාදෙමින් ක්‍රියාත්මක වන හෙළ අවුරුදු මංගල්‍යය කොලොන්ගොල්ල – වැව්තාවුල්ලේදී පැවැත්වුණු අතර ඊට ජනාධිපතිවරයාද සහභාගි වුණා.

rn