මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව වී ඇත්තේ පරාජය වූ ඇතැම් මැතිවරණ කොට්ඨාශවල ඡන්දය යළි ගණන් කරන ලෙස පරාජය වූ අපේක්ෂකයන් ඉල්ලා සිටීම බවට තොරතුරු වාර්තා වනවා.
මේ හේතුවෙන් අදාළ පළාත් පාලන ආයතනවල සමස්ථ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි වාර්තාවන්නේ.
පරාජිත අපේක්ෂකයන් බොහෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල යළි ගණන් කිරීම ඉල්ලා සිටින බව ද සඳහන්.
මේ අතර මැතිවරණ මහලේකම් කාර්යාලය අසල සිටින අප වාර්තාකරුවන් සඳහන් කලේ ප්‍රතිඵල ප්‍රමාදය සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාල බලධාරීන්ගෙන් විමසීමට ආරක්ෂක අංශ අවස්ථාවක් ලබා නොදුන් බවයි.