Gossips

ප්‍රතිචාරය අපේක්ෂා කළ බව ඇමරිකාව රුසියාවට කියයි

බ්‍රිතාන්‍යයේ සිටින ඔත්තුකරුවෙකුට සහ ඔහුගේ දියණියට විෂ ශරීර ගත කරවීම සම්බන්ධයෙන් විවේචන සිදුකළේ රුසියාවෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් බව ඇමරිකාව ප්‍රකාශ කරනවා.
රුසියාවේ තීරණය පිළිබඳ අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකාව සඳහන් කර ඇත්තේ එය සාමාන්‍ය තත්ත්වයක් බවයි.
රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනෙකු පිටුවහල් කිරීමට එරට බලධාරින් පියවර ගත්තේ ශාන්ත පීටර්ස්බර්ග් ඇමරිකානු කොන්සියුලර් කාර්යාලය ද වසා දැමීමට කටයුතු කරමින්.
කෙසේ වෙතත්, ඇමරිකානු රුසියානු සබඳතා මේ හේතුවෙන් තවදුරටත් පළුදු වනු ඇතැයි විචාරකයන් පවසනවා.