රට තුළ යළිත් ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ සහ අද යන දෙදින තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක විවිධ වැඩසටහන් ක්රියාත්මක කර තිබුණා.
අරලියගහ මන්දිරයේ පහන් පූජාවක් ඊයේ රාත්රියේ පැවැත්වුණේ පක්ෂ නායක, රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන්.
ඊට අමතරව ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කර දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුර ජයශ්රීමහා බෝධීන් වහන්සේ අභියස ද ආශිර්වාද බෝධි පූජාවක් ඊයේ පැවැත්වුණා.
එමෙන්ම, අනුරාධපුරයේ සහ නුවරඑළිය නගරවල ද අද දිනයේදී උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් අද රාත්රී 7ට එක්සත් ජාතික පෙරමුණේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැදවා තිබෙනවා.
