Gossips

ප්‍රකෝටිපති ලෙස්ටර්සිටි හිමිකරුගේ අවසන් කටයුතු සිදු කෙරේ

එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ අවසන් කටයුතු බෞද්ධාගමික වතාවත් මධ්‍යයේ ඊයේ සිදු කෙරුණා.
ඒ, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රධානත්වයෙන් බැංකොක් හි පිහිටි විහාරස්ථානයකදියි.
එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභා ගමන්ගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානය පසුගිය 27 වනදා කඩා වැටී විනාශයට පත්වුණා.
ෆෝබ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවේ 388 වැන්නා වන මෙම තායි ව්‍යාපාරිකයාගේ ශුද්ධ වත්කම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 87,500ක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.