Gossips

ප්‍රකෝටිපති ඉන්දියානුවන් සංඛ්‍යාව ඉහළ යයි

ඇමරිකානු ඩොලර් බිලියනයට වැඩි ධනවත්කමක් සහිත ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට වඩා 19 දෙනෙකුගෙන් වැඩිවී 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට වැඩිම ප්‍රකෝටිපතියන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඉන්දියාවෙන්.
ඔවුන් අතුරින් ඩොලර් බිලියන 40.1 ක වත්කමක් සහිත මුකේෂ් අම්බානි ධනවත්ම ඉන්දියානුවා ලෙස ෆෝබ්ස් සඟරාව මගින් නම් කර ඇති අතර, ලොව පුරා ප්‍රකෝටිපතියන් අතර ඔහුට හිමි ස්ථානයද පසුගිය වසරේ පැවති 33 සිට 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලොව පුරා ප්‍රකෝටිපතියන් 2208 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 585 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ 373 දෙනෙකු චීනයෙන් වාර්තාවී තිබෙනවා.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එමඟින් දක්වා ඇත්තේ ඇමසෝන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් වන අතර ඔහුගේ වත්කම් ඩොලර් බිලියන 112 ක්.