Gossips

ප්‍රංශ හිටපු ජනපති අත්අඩංගුවට

ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලිබියාවේ හිටපු පාලකයෙකු වන මුවම්මර් ගඩාෆිගෙන් සිය මැතිවරණ ව්‍යාපාරයට මුල්‍යමය ආධාර ලබාගත් බවට වන චෝදනා මතයි.
මෙම සිද්ධියට අදාළව ප්‍රශ්ණ කිරීම් සඳහා ප්‍රංශ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2007 වසරේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ පොලිසිය මේ වන විට විමර්ශණ සිදු කරමින් පවතිනවා.
මෙම සිද්ධිවලට අදාළව නිකොලා සාර්කෝසිගෙන් ආරක්ෂක අංශ මීට පෙර ප්‍රශ්ණ කිරීම් ද සිදුකරනු ලැබුවා.
කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු සඳහන් කර ඇත්තේ නීති විරෝධී කිසිවක් තමා සිදු නොකල බවයි.
2013 වසරේදී ප්‍රංශ ආරක්ෂක අංශ නිකොලා සාර්කෝසිට එරෙහිව පවතින චෝදනා පිළිබඳ විමර්ශණ ආරම්භ කළ අතර මුවම්මර් ගඩාෆිගෙන් නීති මුල්‍යමය ආධාර ලබාගැනීම ප්‍රධාන චෝදනාවයි.
මෙම චෝදනාවන්ට අදාළව ඔහුගේ රජයේ සිටි ඇමතිවරුන්ගෙන් මෙන්ම සමීපතමයන්ගෙන් ද ප්‍රංශ ආරක්ෂක අංශ ප්‍රශ්ණ කිරීම් සිදුකර තිබෙනවා.