Gossips

ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් සිර දඬුවම්

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 24 හැවිරිදි සිව් දරු මවකට වන අතර, ඇය සංක්‍රමණිකයෙකු ලෙස ඉරාකයට පසුගිය පෙබරවාරි මාසයේ දී පැමිණ ඇති බවයි හෙළිව ඇත්තේ.
ඒ අනුව එරට අධිකරණය ඇය නැවත ප්‍රංශයට පිටුවහල් කිරීමට තීරණය කර තිබූ නමුත්, ඉරාක අධිකරණයකින් ඇය අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ බවට තීරණය කිරීමත් සමඟ මෙලෙස සිර දඩුවම් නියම කෙරුණා.