Gossips

ප්‍රංශ ජනපති විරෝධතාකරුවන්ට සහන ලබාදෙන්න එකඟ වෙයි

සති ගණනාවක් පුරා පැරිස් අගනුවර කේන්ද්‍රකරගෙන ප්‍රංශය පුරා පැවති විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් අවම වැටුප ඉහළ නැංවීමට සහ බදු සහන ලබාදීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එකඟ වී තිබෙනවා.
ඉන්ධන බදු වැඩිකිරීමට සහ ජීවන බර ඉහළ යාමට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර, එලෙස පසුගිය සති අන්තයේ පැවති විරෝධතාවලදී පමණක් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනුණා.
කෙසේ නමුත් ඊයේ රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ අවම සේවක වැටුප ෆ‍්‍රෑන්ක් 100කින් වැඩි කිරීමට සහ අඩු ආදායම්ලාභීන්ට බල පවත්වන බදු වැඩි කිරීම් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බවයි.