Gossips

ප්‍රංශ ජනපති කහ කමිසකරුවන් හමුවේ

ඉන්ධන බද්දට එරෙහිව ප්‍රංශයේ පැරිස් අගනුවර හතරවන සති අන්තයටත් ක්‍රියාත්මක වූ කහ බැනියම් විරෝධතාවත් සමඟ ඇතිවී තිබෙන අර්බුදය විසදීමට එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වෘත්තිය සමිති සමඟ සාකච්ජා කිරීමට සූදානම් වනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්ධන බදු අඩුකිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම විරෝධතා හේතුවෙන් ආර්ථිකය කඩා වැටී ඇති බව ප්‍රංශයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණ සහ ලූවර් කෞතුකාගාරය ඇතුලූ සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමටද රජය පියවර ගනු ලැබුවා.
විරෝධතාකරුවන් 125,000 කට ආසන්න පිරිසක් මෙම විරෝධතා සඳහා එක්ව සිටින අතර, ඔවුන්ගෙන් 1700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.