ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් සිව් දින නිළ සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශ ජනාධිපතිවරයා සහ ආර්යාව ඊයේ සන්ධ්‍යාවේ දිල්ලි ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගත් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ප්‍රංශ වෙළඳ ධුත පිරිසක් ද ඔහු සමඟ පැමිණ තිබෙනවා. ප්‍රංශ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මෝදි අතර පැවැත්වෙන සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික, දේශපාලනික සහ ක්‍රමෝපාය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
