Gossips

ප්‍රංශය ඉන්දීය සාගරයේ දිවයිනක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට චෝදනා

ප්‍රංශය විසින් ඉන්දීය සාගරයේ පිහිටි මයොට් දිවයින නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින බවට රුසියාව චෝදනා නගනවා.
ඉන්දීය සාගරයේ මැඩගස්කරයට උතුරෙන් පිහිටි වර්ග කිලෝමීටර් 144 ක් වූ මෙම දිවයිනේ ජනගහනය දෙලක්ෂ 56,000 ක්.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් කියා සිටියේ මෙම දිවයින නිදහස් රාජ්‍යයක් වීම සඳහා 1974 දී ජනමත විචාරණයකින් තීරණය කළ බවයි.
ඒ අනුව, මයොට් ස්වාධීන රාජ්‍යයක් වීම සඳහා ජගත් සංවිධානය යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙනවා.
කෙසේ නමුත්, එම යෝජනාව ද නොතකමින් ප්‍රංශය කටයුතු කරන බවටයි රුසියානු විදේශ අමාත්‍යවරයා චෝදනා කළේ.
ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජිකයෙකු බැවින් මෙම දිවයිනේ වැසියන්ට යුරෝපා සංගමයේ රටවලට නිදහසේ සංචාරය කිරීමටත් ඒවායේ සේවය කිරීමටත් අවස්ථාව සැලසෙනවා.