Gossips

ප්‍රංශයේ IS ත්‍රස්තයා ඝාතනය කරයි

දකුණුදිග ප්‍රංශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ප්‍රාණ ඇපකරුවන් රඳවා ගත් මොරොක්කෝ සම්භවයක් සහිත IS අනුගාමිකයා ප්‍රංශ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ (23) වාර්තා වූ මෙම සිද්ධියේදී 25 හැවිරිදි සන්නද්ධ ත්‍රස්තවාදී සාමාජිකයා අතින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 16 දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූ පොලිස් නිළධාරියෙකු ද බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකෝන් ප්‍රකාශ කළේ.
මෙය ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි ඔහු හැදින්වූයේ.
සන්නද්ධ ත්‍රස්තවාදියාගේ ඉල්ලීම වී ඇත්තේ 2015 වසරේ පැරිස් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවෙකු වන සලා අබ්දෙස්ලාම් නිදහස් කර ගැනීමයි.