නැගෙනහිර ප්‍රංශයේ ස්ටාස්බර්ග් නුවර පැවති නත්තල් සල්පිළක් ආසන්නයේ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලැබුවා.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.
29 හැවිරිදි මොහු වෙඩි තැබීම සිදුකළ පළා යන අවස්ථාවේදී පොලීසිය ලුහුබැද ගොස් තිබෙනවා.
එහෙත් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මීට පෙර ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බව ද සැලකෙනවා.
