Gossips

ප්‍රංශයේ විරෝධතා හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 400 දක්වා ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් 400 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් සහ මෝටර් රථ අනතුරු හේතුවෙන් ඔවුන් තුවාල ලබා තිබෙනවා.
ඊයේ ආරම්භ කෙරුණු විරෝධතාවට දෙලක්ෂ අසූදහසකට අධික පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
කහ පැහැති ජැකට් පැළඳගත් විරෝධතාකරුවන් අධිවේගී සහ අනෙකුත් සියලූම මාර්ග අවහිර වන ලෙස තම මෝටර් රථ නවතා පා ගමනට එක්වී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ද අදාළ විරෝධතාව ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.