Gossips

ප්‍රංශයේ පැරිස් අගනුවර පිපිරීමක්

ප්‍රංශයේ පැරිස් අගනුවර උතුරුමැද ප්‍රදේශයේ පිහිටා ඇති ආහාර නිෂ්පාදන සිදුකරන ආයතනයක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අදාළ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක පළ කරන බවයි.
මේ වනවිටත් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති අතර, තුවාලකරුවන් රෝහල් ගතකර තිබෙනවා.
තුවාලකරුවන් සංඛ්‍යාවද මේ වනවිටත් නිශ්චිතව ප්‍රකාශ කිරීමට එරට බලධාරීන් තවමත් කටයුතු කර නැහැ.