Gossips

ප්‍රංශයෙන් ඇමරිකාවට දොස්

ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකාව ගනු ලැබූ තීන්දුව වැරදි බව ප්‍රංශය පවසනවා.
මෙම තීරණය හේතුවෙන් ලෝක සාමයට බලපෑම් එල්ල විය හැකි බවයි ප්‍රංශය පෙන්වා දෙන්නේ.
2015 වසරේ දී ඔබාමා පරිපාලනය යටතේ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නිවේදනය කළා.
ඔහු කියා සිටියේ මෙම ගිවිසුමෙන් ඉවත් වීමත් සමඟ ඉරානයට යළි නව සම්බාධක පනවන බවයි.