දකුණු චීන මුහුදේ චීන නාවික ආධිපත්‍යය පැතිරීමත් සමඟ තම යුද නෞකාවක් ද ලබන වසරේ ඉන්දීය සාගරයට යොදවන බව ප්‍රංශය ප්‍රකාශ කළා.
දැනට දකුණුදිග තූලෝං වරායේ අලූත්වැඩියා කරමින් පවතින චාල්ස් ඩි – ගෝල් නෞකාවයි මෙලෙස ඉන්දීය සාගරයට යොදවනු ඇත්තේ.
පසුගිය මැයි මාසයේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේ කිසිදු රටකට සාගරයේ ආධිපත්‍යය ලබා දිය නොහැකි බවයි.
මීට පෙර ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය යුද නෞකා ද ඉන්දීය සාගරයේ මෙහෙයුම් සඳහා යොදවනු ලැබුවා.