Gossips

ප්ලාස්ටික් අනුභව කරන එන්සයිමයක් සොයා ගැනේ

ලොව පුරා සාගරවල පැතිර පවතින ටොන් මිලියන 8කට වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නව අපේක්ෂාවක් ඇති වී තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් ප්ලාස්ටික් අනුභව කරන එන්සයිමයක් සොයා ගැනීමත් සමඟයි.
අදාළ එන්සයිමය නිර්මාණය කර ඇත්තේ ජපාන විද්‍යාඥයන් සොයා ගත් ප්ලාස්ටික් නාශක බැක්ටීරියා විශේෂයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර බව සඳහන්.
ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරන පෙට් වර්ගයේ ප්ලාස්ටික් මෙම බැක්ටීරියා විශේෂය විසින් වියෝජනය කරන බව විශ්වාස කෙරෙනවා.
නව එන්සයිමය නිෂ්පාදනය කිරීම සඳහා සූර්යයාට වඩා බිලියන වාරයක් දීප්තිමත් සුපිරි එක්ස් කිරණ ධාරාවක් ද යොදා ගත් බවයි විද්‍යාඥයන් සඳහන් කළේ.