Gossips

පළාත් 5කට මිලිමිටර් 100 ඉක්මවූ වැසි – ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප)

මධ්‍යම, සබරගමු, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි හෙට දිනයේදි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7742 දෙදෙනෙකු සහ කළුතර – බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 20 කට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
බටගන්විල, ඇත්තිලිගොඩ ආදි ප්‍රදේශවල කණ්ඩි කඩා වැටීම් 10ක් වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ.

ඡායාරූප – හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්